on ගැන තව දුරටත්



අපි ඊයේ කතාකළා on ගැන. අද on ගැන තව දුරටත් විස්තර කරන්නය් කල්පනා කලේ. ඉතින් ඔයාලට on ගැන කලින්දාපු post එක කියවන්න බැරි උනානම්  මෙතන click කරන්න

poyaday ඉදිරියට සහ පෝයවල් ඉදිරියටත් on යොදන්න ඕන .

මම පෝයට සිල් සමාදන් වෙනවා - I observe sil on poya day.
මම වෙසක් පෝයට අනුරාධපුරේ යනවා - I go to Anuradhapura on Vesak.
මම පොසොන් පෝයට නුවර එන්නම්  - I will come to Kandy on Poson.

එසේම කෙනෙක් රාජකාරියෙහි නිරතවී සිටිනවායය් ප්‍රකාශ කිරීමට on duty භාවිත කරය්.

1. ඔහු රාජකාරියෙහි නිරතවෙමින් ඉන්නේ -  He is on duty now.

විශේෂ දිනයන් ඉදිරියට on යොදය්
 1. ඔය උපන්දිනයට මොකක්ද කරන්නේ ?- What do you do on your birthday?
2. ඔහු උපන් දිනයට නුවර යාවි  - He will go to Kandy on his birthday.
3. අපි විවාහ සංවත්සරයට මාතලේ යනවා - We go to Matale On our wedding anniversary.

නිවාඩුය් යන අර්ථය ඇතිව on leave භාවිත කරය්.
1. ඔහු අද නිවාඩුය් - He is on leave today.
2. ඇය ඊයේ නිවාඩුය් - She was on leave yesterday.



Comments

Popular posts from this blog

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු

How to use 'in' ( in භාවිත කරන්නේ කොහොමද? )