'In' ගැන වැඩිදුරටත්

අපි ඊයේ පාඩමේදී in පාවිච්චි කරන්නේ කොහොමද කියල කතාකළා. අද තව දුරටත් in පාවිච්චි කරන අවස්ථාවන් කිහිපයක්  ගැන කතා කරන්නය් යන්නේ.


ඉන් ගැන තවදුරටත් කතාකරන්න කලින් බැලුවේ නැත්නම් ඊයේ කතාකරපු ටික නැවත බලල දැනුම අලුත් කරගන්න. මෙන්න ඕනනම් ඊයේ දාපු පාඩමේ ලින්ක් එක මෙතනම දාන්නම්. මෙතන click  කරන්න 

In

විවිධ සෘතු ඉදිරියටද on යොදනවා. අපේ රට වගේ නෙමෙය් යුරූපීය රටවල්වල සෘතු භේදයක් තියෙනවා කියල ඔයාල දන්නවනේ. ඒ තමය්
1. Winter  (ශීත කාලය)
2. Summer ( ගිම්හානය)
3. Spring ( වසන්තය )
4. Autumn ( ශරත් කාලය)
ඉතින් මෙම කාලයන් ඉදිරියට ඉන් දාන්න ඕන.

ශීත කාලයේදී - in winter
ගිම්හාන කාලයේදී- in Summer
වසන්ත කාලයේදී - in Spring
ශරත් කාලයේදී - in autumn

morning, afternoon සහ evening  ඉදිරියටද in යොදය්.

උදයේ - in the morning
දවල් - in the afternoon
සන්ධ්‍යාවේදී - in the evening

අවුරුද්දේ මාස 12 ඉදිරියටද ඉන් යොදය්

ජනවාරිවල - in January
පෙබරවාරිවල - in February
මාර්තුවල - in March
අප්‍රෙල්වල - in April
මැය්වල- in May
ජුනිවල- in June
ජූලිවල - in July
අගෝස්තුවල- in August
සැප්තැම්බර්වල- in September
ඔක්තෝබර්වල - in October
නොවැම්බර්වල - in November
දෙසැම්බර්වල - in December





Comments

Popular posts from this blog

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු

How to use 'in' ( in භාවිත කරන්නේ කොහොමද? )