in time සහ on time අතර වෙනස

අද තවත් පාඩමක් ඔයාලට කියල දෙන්නය් යන්නේ. ඒ තමය් in time සහ on  time අතර වෙනස. ඉතින් එහෙනම් වැඩි කථා නැතිව වැඩේට බහිමු.

On time කියන්නේ වෙලාවටම යන අදහස. ඒ කියන්නේ තව පොඩ්ඩක්හරි පරක්කු උනානම් නරකක් වෙන්න තිබ්බා යන අදහස ඇතිවය් යොදාගන්නේ.




බලන්න ඉහල තියෙන පින්තූරය දිහා. එයාල දුවගෙන ඇවිත් තමය් වෙලාවටම ඇවිත් තියෙන්නේ. එයාලා on time තමය් ඇවිත් තියෙන්නේ.

1. ඔහු වෙලාවටම පාසල් ආව - He came to school on time. (තව පොඩ්ඩක් පරක්කු උනානම් සමහරවිට teacher ගෙන් ගුටි කන්නත් වෙන්න තිබුණා )

2. මම වෙලාවට අයදුම්පත්‍රය යවපු නැතිනිසා මට අවස්ථාව අහිමි උනා - I lost the opportunity as I didn't submit the application on time. ( අන්තිම මොහොතේ වැඩකරන්න ගියාම මෙහෙම දේවල් වෙනවනේ?)



දැන් බලමු in time ගැන. ඉන් ටීමේ කිව්වේ වෙල්වටත් ටිකක් කලින්. එතකොට කිසි කරදරයක් නැහැනේ. ඒක නිසා in time වැඩ කරන්න පුරුදුවෙන්න.

බලන්න මේ දෙන්නා සතුටින් ඉන්නේ. මොකද දන්නවද එයාල in time ඇවිල්ලා තියෙන්නේ.


1. ඔහු වෙලාවටත් ටිකක් කලින් සම්මුඛ පරීක්ෂණයට ගියා.- He went to the interview in time.
2. ඇය වෙලාවටත් කලින් පන්තියට ආවා - She came to class in time.

Comments

Popular posts from this blog

Kitchen Equipment ( මුළුතැන්ගෙය් උපකරණ )

එලවළු වලට ඉංග්‍රීසියෙන් කියන නම් ඉගෙනගමු

How to use 'in' ( in භාවිත කරන්නේ කොහොමද? )